කෝපි කෝප්පය…
මේක නැවතුම ද ?
නෑ…. මම එහෙම කියන්නේ නෑ.
නැත්නම් කොහොමද කියන්නේ ?
බෑ…. මට ඒක හරියටම කියන්න බෑ.
හරි උත්තරයක් දෙන්න.
මං හරිද දන්නේ නෑ නේ.
එහෙනං උත්තරයක් දෙන්න.
මේක උත්තරයක් නැති ප්‍රශ්නයක්.
කෝපි කෝප්පයක් ඕනිද ?
එපා, ඒත් ස්තූතියි !
වතුර උණු වෙනවා.
ප්‍රශ්නයක් නෑ.
උත්තරයකුත් නැත්නම් එතන ප්‍රශ්නයක් තියෙන්න බෑ නේද ?
වාඩි වෙන්න.
බෑ. හැමතැනම ඇවිදින්න ඕනි.
ඇවිදින්න පුරුදු කලේ මම.
පුරුදු කලාට ඇවිද්දේ මම.
ඒක රවුම්.
පෙනුමට කොටුවක්.
නෑ මේ පැත්තෙන් බලන්න. රවුම්.
නෑ. කොටුවක් මනුස්සයෝ.
ඔච්චර සීනී දා ගන්න එපා.
කෝපි එකක් ඕනි ද ?
එපා කිව්වනේ. ඒත් ස්තූතියි.
වෙනද සුවඳටත් දුවගෙන එන කෙනා…
හැමදාම හැම දෙයක් ම එක වගේ තියෙන්නේ නෑ…
දැන් එහෙම කිව්වට එදා පොරොන්දු වුණේ.
“පොරොන්දු”, වචනයක් විතරයි, අගයක් නෑ.
පොරොන්දු වල අගය දන්න මිනිස්සු ඉන්නවා
ඉන්නවා, එක්කෝ කැලෑ වැදිලා නැත්තං අංගොඩ. කෝපි පොඩ්ඩක් බොමු එහෙනං…
ඔයාටත් එක්ක තමයි හැදුවේ… ☺️
